රසවත්ව, හරවත්ව, ගුණවත්ව හා වැදගත්ව සිංහල ලියමු.

Friday, May 31

ඔබේ සිත් සටහන් සඳහා තරැ ඇගයීමක් ලබාගැනීම.

How to Include 5 star rating widget in to new blogger?

ඔබේ සිත් සටහන කියවන්නන්, එහි අගය මූණුපොතේ කැමත්ත ප්‍රකාශ කිරීමෙන්, බෙදා ගැනීම හෝ ගූගල් +1 කිරීමෙන් ලබාදිය හැක. එය ඔබගේ සිත් සටහන හා අන් ඒවා අතර අගය වෙනස පෙන්වූවද, ඔබගේ සිත් සටහන් අතර ගුණාත්මක බව ඇගයීමක් ලබා නොදේ. මේ සඳහා තරැ ඇගයුම ප්‍රයෝජනවත්ය.

When your blog readers read your blog post, you can ask them to like it on FB or +1 in google or stumble upon or pinterest. But how would do you know that how much your reader like your post comparing to your other posts.

තරැ ඇගයීම නිසා ඔබගේ සිත් සටහන් කෙතරම් අගනාද, ඉන් කියවන්නා හෝ බලන්නා කෙතරම් දුරට ආනන්දයට පත්කරනවාද යන්න පාඨකයාගෙන්ම ලබාගැනීම ඔබගේ සිත් සටහන්කරණයේ වෘත්තීමය තත්වයට ගෙන ඒමට උදව් කරයි.

How your effective  is your Blog post? Does your blog post satisfy the reader and to what degree, so you will learn to improve. If you want to be a Pro-blogger these little things matter in your blogging carer.

ඔබේ සිත් සටහන බලන සෑම පාඨකයකුම ප්‍රතිචාර නොදක්වයි. ඊට තාක්‍ෂණික ගැටළුවක් හෝ සමාජමය හේතුවක් තිබිය හැක. විශේෂයෙන්ම දේශපාලන හා ආගමික කාරණා ගැන අදහස් පළකිරීමෙන් බොහෝ දෙන වැලකෙති. පාඨකයාගෙන් තරැ ඇගයුම ලබාගන්නා විට තාරකා සලකුණු 5 ක් භාවිතා කරයි. එය ඉතාම සරළ හා පහසු ක්‍රමයකි. එය සෑමදෙනාටම අදහස් පළකිරීමේ හා සභාභාගීමේ අවස්ථාව ලබාදේ.

Not every visitor would comment on your blog. Specially when they have a technical problem with local language input methods. Star Rating using 5 stars, is the most simplest and easiest  way to get feedback from every reader. 

නව ගූගල් සිත් සටහන් වල තරැ ඇගයුම යොදානීමට හා <සැකසීම> වඩාත් පහසුකර ඇත.
Google has given you more control of widgets configuration in blogger than old blogger.

ක්‍රමය :

draft.blogger.com වෙත යන්න. ඔබගේ හැඳිනුම හා රහස් පදය භාවිතා කර කළමණාකරණ පුවරුවට පිවිසෙන්න. අදාල සිත් සටහන තෝරාගන්න.

Once your login to draft.blogger.com, select your blog to add start rating.

layout > edit වෙත යන්න.



මදක් පහලට අනුචලනය කර Show Star Rating ලකුණු කරන්න.

scroll down and tick Show Star Rating.

අනතුරුව පහල කේතය ඔබේ සිත් සටනේ තරැ ඇගයුම අවශ්‍ය තන්හි යෙදිය හැක.
Then add following code at any place whare you need Star rating in your template


තරැ ඇගයුම මාතෘකාවට පහළින් දැමීමට පහත කේතය එකතු කරන්න.

To add the Star Rating just below Title, Add following code just below



නිරංජන් මීගම්මන
Team කපුටා.LK 

Wednesday, May 29

"අකුරු මිහිර" මා අදද රස විඳිනවා

මහා ජේ.බී. දිසානායකයින් සමග සිංහල යුනිකෝඩ් කමිටුවට මා සහභාගී උනා. එ‍තුමාගේ මට දුන් "අකුරු මිහිර" මා අදද රස විඳිනවා.

ඇතා ඇලට ආවා - ඇතා ඇලට පැන්නා
ඇත් පැටියත් ආවා - ඇත් පැටියත් පැන්නා

මේ කුමාරතුංග මුනිදාස ශූරීන් ගේ රසම රසය

රෝස මලේ නටුවේ කටූ
වන බඹරෝ ඔහෝම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී

බලන්න කාලය වෙනස් උනත් තියෙන සමානකම් හා ලබාදෙන රසයේ නොඅඩුව. එමනිසා අනාගතයේ දරැවන්හට උරුම කරන්න සිංහල ව්‍යාකරණය රැකගමු, ඉගන ගමු. නව ලියුම් රටා හා ශෛලීන් භාවිතා කළත් භාෂාවේ මූලික ව්‍යුහයන් වෙනස් කිරීම නම් නුසුදුසුයි.

මට ආසයි ආයෙත් මුහුද දකින්න - සාමන්‍ය ව්‍යවහාරය
මට ආයෙත් ආසයි දකින්න මුහුද - ස්පාටකස් කථාව මතකද?
මට දකින්න ආසයි මුහුද ආයෙත් -
මට මුහුද ආයෙත් දකින්න ආසයි -
මුහුද ආයෙත් දකින්න ආසයි මට -
ආයෙත් දකින්න ආසයි මුහුද මට -
ආසයි ආයෙත් දකින්න මට මුහුද -
ආසයි ආයෙත් මුහුද දකින්න මට -

කථන, චිත්‍රකථා, කවි,  ගීත රචනා, නාට්‍ය, වන්නම් වල මෙවැනි ශෛලීන් ගොඩයි. කොහොම පද බැඳ ලීවත් උක්ත, ආඛායාත, කර්ම, ක්‍රියා, කාලාර්ථය හා අක්‍ෂර වින්‍යාසයන් වසර දහස් ගණනාවක් දියුණු වී ආ දේ. ඒවා වෙනස්වීම ක්‍රමයෙන් සිදවූවත්, සිතා මතා වෙනස් කිරීම එකඟතාවයන් අනුව වීමයි වැදගත්.

කොළඹ යුගයේදී ඩබ්. ඒ. සිල්වා සුරීන් සිංහල බස සූක්‍ෂමව හසුරුවා නව රසයක් ලබාදුන්නා. සිරියලතා කථාව උණු කැවුම් වගේ අලෙවි උනා. විජයබා කොල්ලය, සුනේත්‍රා, ලක්‍ෂමී නොහොත් නොනැසෙන රැජින (Translation of King Solaman's Mines) වැනි පොත්වල ඔහු නව වදන් රාශියක් හඳන්වා දුන්නා. හරිම රසවත්. ඔහුගේ සෑම පොතකම නව වචන සූචියක්ද අඩංගු කළා. ඔහු නව වචන හඳුන්වා දුන්නේ වාග් විද්‍යාවට අනුව ඉතා පරිස්සමින්.
චින්තාමාණික්‍යරත්නය ඔහුගේ වචනයක්. පාපමළප්‍රක්‍ෂාලනක්‍ෂණම සකස්කඩ වචනයක්. සකස්කඩ සිංහල උච්චාරණය පිණිස මිස පොත් ලියන්න නෙමේ භාවිතා කලේ. අදත් පිරිවෙන්වල පූංචි හාමුදුරැවරු සකස්කඩ වනපොත් කරණවා.

අද ඩබ්. ඒ. සිල්වා ශෛලිය භාවිතා නොකලත් ඔහුගේ ශෛලිය ඉතා රසවත්. ඒ ව්‍යාකරණය මනා ලෙස හැසිරවීම නිසයි. මහාචාර්ය සරත්චන්ද්‍ර මනමේ ලියද්දී නව වදන් අපට උරුම කළා.

නන් සිරින්, ලප නොමවන් සඳ සේ, දුලා නෙතුපුලා, වන්‍යේ ආරණ්‍යයේ, අසන් මපිය හිමි, ගියා වැද්දෝ නොම විද්දෝ
මාගේ අවසර නොමගෙන. බස ව්‍යක්තව හැසිරවීමේ හැකියාව ලැබෙන්නේ ව්‍යාකරණාදිය ප්‍රගුණ කිරීමෙන් පමණයි. අජිත් තිලකසේන
වැනි කතුවරුන් නව ක්‍රම අත්හදා බැලුවද එය ප්‍රධාන මාවතට එන්නේ නැහැ. බලන්න මේ අති විශිෂ්ඨ විකිලිපිය.

http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A

බලන්න එය කොතරම් හොඳින් ව්‍යාකරණාකූලව සකසා තියෙනවාද? එය මා ලියනාකාරයට ලිවිය නොහැකියි. සංවාදාත්මක හා ශ්‍රාස්ත්‍රීය ලිපියක වෙනස එයයි. එය මනාව තේරුම්ගත් කළ අන්තර්ගතය අනුව ශෛලිය වෙනස් කරමින් ඕනෑම නිර්මාණයක් රසවත්ව කිරීමේ හැකියාව  ඔබට ලැබෙනවා. කීටකථන්දර කරුවෙකුගේ සිට මහා ගත්කරුවරයකු දක්වා යාමට යමෙකුට හැකියාව ලැබෙන්නේ බස ඇසුරෙන් සහ ලිවීමෙන්ම පමණයි. බස වනසා එය කළ නොහැකියි.

ඉතින් මිතුරනි ඉගන ගනිමුද හරිහැටි සිංහල බස. ඉංග්‍රීසියට දක්වන ගෞරවය ලබාදෙමු ද සිංහලයට හසුරැවා නිසි ලෙස. හෙලය සහ සකුව මුසුව සුදුසු නොවූවද, රසය ගෙන එනු පිණිස, මෙපද ලිවූ බව කියමින නවතිමිය අදට  මම, නැවත හෙට ලියන තුරු සැමට ඔබ ජය හා සතුට.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර
www.shilpasayura.org

Monday, May 27

‘ණ’ හා ‘ළ’ යෙදෙන් තැන්

අකුණ = හෙණය
අකුණු = හෙණ
අකාරණය = නොකරුණ
අගුණ = ගුණ නැති
අග්‍රගණ්‍ය = ප්‍රධානතම
අජීර්ණ = නොදිරන

අණ = නියෝගය
අණ පනත් = ආඥා හා ප්‍රඥප්ති
අණබෙර = රජ අණට හඬවන බෙර
අණව = සාගරය
අණසක = අඥා චක්‍රය
අණුදක්නය = සියුම් දේ දක්වන උපකරණය

අතික්‍රමණය = නීතිය ඉක්මවා යෑම
අතිහරණය = අධිවර්ධනය (ව්‍යාධියකි)
අතීතාරම්මණ = අතීතය අරමුණු කරන
අතුණ = බඩවැල
අධිකරණය = උසාවිය

අනාවරණ = විවෘත
අනුකරණය = සමාන ව කිරීම
අනුකර්ෂණය = ඇද ගැනීම
අනුස්මරණ = සිහි කරන
අපමණ = බොහෝ
අපසරණය = වෙන් ව යෑම
අපහරණය = ඉවත් කිරීම

අප්‍රාණික = පණ නැති
අප්‍රමාණ = බොහෝ
අප්පමාණ = බොහෝ
අබරණ = ආභරණ
අභිපේ‍්‍රරණය = ඉදිරියට යැවීම
භිරමණය = 1. පී‍්‍රතිවීම, 2. රති සැප
අභිරමණීය = සිත් පිනවන
අමරණීය = නො මැරෙන

අමුණ = 1. දිය රඳවන බැම්ම, 2. වී පෑලක ප්‍රමාණය
මුණන = ඇමිණීම කරන
අරණ = ආරණ්‍යය, තුරු බහුල පෙදෙස, වනය
අරමණ = රාමඤ්ඤ දේශය
අරමුණ = අදහස, ඉලක්කය

අරුණ = අලුයම් කාලය
අරුණෝදය = හිමිදිරි ආලෝකය
අර්ණාව = සාගරය
අවතීර්ණය = පැමිණීම
අවධාරණය = බරකොට කීම

අමුණන = එකට ආඳින
ආවේක්ෂණය = විමසා බැලීම
ආවේක්ෂණික = විමසා බැලිය යුතු
අසරණ = පිහිටක් නැති
අසාධාරණ = සමාන නො වූ

අංගණය = මිඳුල, පිට්ටනිය
අංග රූපණය = ලක්ෂණ දැක්වීම
ආකර්ෂණය = ඇදගන්නා
ආක්‍රමණ = බලෙන් කඩා වදින
ආක්‍රමණික = බලෙන් කඩා වදින්නා වූ
ආචීර්ණ = හුරු පුරුදු

ආණ්ඩුව = රජය
ආදරණීය = ආලවන්ත
ආපණ ශාලාව = කඩය
ආභරණ = අබරණ
ආමන්ත්‍රණ = කැඳවන, අමතන

ආරණ්‍යය = වනය, කැලෑව
ආරෝපණය = පැටවීම
ආරෝහණය = නැඟීම
ආවේණික = පරපුරට අයත්
ආඝ්‍රණය = ගඳ සුවඳ දැනීම

Saturday, May 25

නාම පද ක්‍රියා පදයක් - nouns are sometimes verbs

සමහර නාම පද නාම පදයක් මෙන්ම ක්‍රියා පදයක් වන අවස්ථාද ඇත.
Some nouns are a noun as well as a verb

"love" is a noun but can also be a verb.
my love - මගේ ආදරය
I love - මම ආදරෙයි
you love - ඔබ ආදරෙයි

මෙවැනි උදාහරණ 15 ක් ඔබට ලියා දැක්විය හැකිද?
"run" is a noun but can also be a verb.
long run
 - දුර දිවීමI run - මම දුවනවා
you run - ඔබ දුවනවා

long jump - දුර පැනීමhigh jump - උස පැනීම
jump! - පනින්න
මෙවැනි පද 25 ක් සොයා ලියන්න.

අයිතිය හැඟවීමට ගේ/ 's යොදාගැනේ

යම් කිසිවක් යමෙකුට අයිතිය හැඟවීමට 's යොදාගැනේ

මගේ, මාගේ ඔබගේ, ඔබලාගේ, අපේ, අපගේ, ඔහුගේ, ඇගේ,ඈගේ, උගේ, ඌගේ, ඔවුනගේ, ඔවුන්ගේ<br>

We add 's or ' to show ownership or possession.
Nimal's Book
my parents' house
Dharani's friend

අගට s අකුර තිබෙන නාම පද වලදී ' පමණක් යෙදේ. එහිදී 's ලෙස යෙදීමක් නැත.
My book, your book, his book, her book ආදිය ඉන් වෙනස් වේ.

අන්‍ය පුරුෂ සඳහා මෙය යෙදෙන අයුරු බලන්න

the boy's book (one boy one book) - ළමයාගේ පොත
the boys' book (two or more boys one book) ළමුන්ගේ පොත
the boy's books (one boy many books) - ළමයාගේ පොත්
the boys' books (two or more boys many books) ළමුන්ගේ පොත්

අගට s අකුර එනවිට අයිතිය හැඟවීමේ ' යෙදීම කරණ මුත්
ඊට පසුව වේ s's ලෙස නොලියයි.
the man next door's mother (the mother of the man next door)
the President of Sri Lanka's flag (the flag of the Sri Lanka President)

දෙවැන්න වඩා ස්වාභාවිකය.
the pet of my uncle හා
my uncle's pet ගත්විට
දෙවැන්න වඩා ස්වාභාවිකය. 

සිංහලයේදී අයිතුය හැඟවීමට ක්‍රම.
ඔහුගේ පෑන මට දුනි.
ඔහුට අයිති පෑන මට දුනි.
ඔහු ලඟ ඇති පෑන මට දුනි.

මෙහිදී 2 වාක්‍යය නිසැකවම අයිතිය හඟවන මුත් අනිකුත් වාක්‍යවල අදහස ලඟ තිබීම මිස නිසැක අයිතිය නොවේ.

This is Malani's doll.
Where is Ramani's mobile phone?

Who took Anula's book?
I like Taranga's shirt.


When a name ends in s, we usually treat it like any other singular noun, and add 's:
යම් කෙනෙකුගේ නාමයක් s අකුරින් අවසන් වන විට එය ඒක අන් ඒක වචන නාමපදයක් ලෙස සලකා අයිතිය හැඟවීමට අගට 's යොදයි.

නාම පද : Nouns

යමක්‌, දෙයක්‌ හෝ ස්‌ථානයක්‌ හැඳින්වීමට නාම පද යොදා ගැනේ.
උදාහරණ : මේසය, පොත, පරිගණකය, දූපත, විශ්වය, ගංඟාව,තෙල්දෙනිය, ගඩලාදෙණිය

යම් ජීවියෙක්‌ හැඳින්වීමටද නාමපද යොදා ගැනේ.
උදාහරණ :
 කූඹියා, අලියා, මිනිසා, අශ්වයා
අලියා වැවට එයි.
මිනිසා දර කපයි.
ගඩලාදෙණිය පැරණි විහාරයකි.


නාම පද විවිධ ආකාරයෙන් වර නැගීමෙන් තවත් වචන හා ක්‍රියා සෑදෙන බවද වටහා ගන්න.

Nouns : Nouns are a person, place or thing. Nouns are "things". Like house. Nouns are "places". Like Anuradhapura.

Nouns can be "names" like Champa, Saman


a person: boy, girl, man, woman, teacher, mother, Nimal, Samadhi
a place: class, market, bus halt, home, office, city, village, Kandy, Japan
a thing: table, chair, car, mango, banana, money, music, love, donkey, monkey , cat



උපුටා ගැනීම ශිල්ප සයුර  වෙතිනි.